වැඩි වන ජල ගාස්තුව ඉහළ යන්නේ මෙහෙමයි

වැඩි වන ජල ගාස්තුව ඉහළ යන්නේ මෙහෙමයි

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, අගෝස්තු මස පළමු දින සිට ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම එහි සඳහන් ය.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

මෙම ජල ගාස්තු සංශෝධනය මගින් ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකර ඇති අතර පරිහරණය කරන ඒකක ප්‍රමාණය අනුව එම ගාස්තු වැඩිවීම සිදුවෙයි.

කෙසේ වෙතත්, සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් මෙවර ගාස්තු සශෝධනයේදී සිදුකර නොමැත.

අනෙක් සෑම ක්ෂේත්‍රයක් සඳහා ම වන ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර ගෘහස්ථ ජල ගාස්තුව ද මුල් ඒකක 5 සඳහා රුපියල් 20ක් වූ ඒකකයක මිල නව ගාස්තු සංශෝධනයේදී ඒකකයක් රුපියල් 60 දක්වා ඉහළ දමා තිබේ.

පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේදී ඉහළ දමා තිබීම විශේෂත්වයකි.

ඒකකයක් සඳහා අය කරන ගාස්තුව ඉහළ දැමීමට අමතරව මාසික සේවා ගාස්තුව ද ඉහළ දමා තිබේ.

ජල ගාස්තුවලට අමතරව පාරිභෝගිකයින්ගේ මලාපවහන ගාස්තු ද අගෝස්තු මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන ගාස්තු පහතින් දැක්වේ.

0 – 5 ඒකකයක් රු. 60 – මාසික ගාස්තුව රු. 300
6 -10 ඒකකයක් රු. 80 – මාසික ගාස්තුව රු. 300
11 -15 ඒකකයක් රු. 100 – මාසික ගාස්තුව රු.300
16 – 20 ඒකකයක් රු. 110 – මාසික ගාස්තුව රු. 400
21 – 25 ඒකකයක් රු. 130 – මාසික ගාස්තුව රු. 500

සංශෝධිත ගාස්තු පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත දිගුව ඔස්සේ බලන්න…

2343 28 S 1 page 001

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න