පොලිස්පතිව අභියාචනාධිකරණයට කැඳවයි !

පොලිස්පතිව අභියාචනාධිකරණයට කැඳවයි !

සාමකාමී අරගලකරුවන් රැදීසිටි බව කියන ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අභියාචනාධිකරණය අද (31) පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න ට නියම කළේය.

අභියාචනාධිකරණය මෙසේ නොතිසි නිිකුත් කර සිටියේ 2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය වගකිව යුතු බවට මානව හිමිකම් කොමිසමද නිර්දේශ කොට ඇතැයි කියමින් ක‍්‍රියාකාරී අරගලකරුවකු ගොනුකර තිබූ රිට් පෙත්සමක් සළකා බැලීමන් අනතුරුව ය.

මෙසේ නොතීසි නිකුත්කර සිටියේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසිනි.

ක‍්‍රියාකාරී අරගලකරුවකු වන ජනක් එස්. විතාරණ ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතවරයා සහ නීතිපතවරයා, ඇතුළු පිරිසක් නම් කොට ඇත.

2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ක‍්‍රියාකාරී අරගලකරුවකු වශයෙන් කටයුතු කළැයයි කියන පෙත්සම්කරු සංවිධානාත්මක පිරිසක් පැමිණ අරගල භූමියට පහරදී ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා කළත් පොලිසිය එය වළක්වා ගැනීමට නිසි පියවර නොගත් බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කොට ඇත.

පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල රිට් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න