ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය ඇමතිට චෝදනාවක් !

ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය ඇමතිට චෝදනාවක් !

රට තුළ පවතින ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරීන් අල්ලස් ලබාගන්නා බවට විෂය භාර අමාත්‍යවරයාට ද තොරතුරු ලැබී ඇති බවත් ඔහු පවසයි.

සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙසේද පැවසීය.

"අපි දැන් මේ දවස්වල බහුලව කථාකරන දෙයක් තමයි බෙහෙත් හිඟය සහ තියෙන බෙහෙත් බාලවීම. මේකට ඇත්තම කියනවානම් වගකියන්න ඕනේ ඉන්න සෞඛ්‍ය ඇමතිවරයා. ජාතික ‌ඖෂධ අධිකාරය තීන්දු කළා ඒ අයගේ සේවකයෝ ඉවත් කරන්න. ඖෂධවේදීන්... ඒක හරි තීන්දුවක් හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එතන ඉන්න ලොක්කෝ සිල්වන්තයෝ කියලා. ලොක්කෝ ඊට හපන්. අපි අද කවුරුත් දන්නවා එතන ඉන්න ලොක්කෝ මිලියන තුන, හතර අල්ලස් ඉල්ලනවා. ෆයිල් රෙජිස්ටර් කරන්න. ඖෂධ සමාගම් ක්ෂේත්‍රයේ ඉන්න අය ලෑස්ති ඇමතිවරයාට ළඟට ඇවිල්ල ඒ විස්තර දෙන්න. එතකොට ඇමතිවරයාට ඒ විස්තර දීලා තියෙනවා කියන එකත් අපි දන්නවා. මේ රටේ ඖෂධ හිඟයක් ඇතිවෙලා තියෙන්නේ මේ රටේ ආර්ථික අර්බුදයක් නිසා නෙමෙයි. ඖෂධ හිඟයට බලපාලා තියෙන්නේ වංචාව දූෂණය නිලධාරී වාදට නොහොත් අකාරක්ෂම තාවය."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න