බැංකුවලට කිසිදු බලපෑමක් නැහැ - මහ බැංකු අධිපති

බැංකුවලට කිසිදු බලපෑමක් නැහැ - මහ බැංකු අධිපති

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සිදුවන ක්‍රියාදාමය පිළිබඳව පැහැදිලි කිරීමට අද ජනාධිපති මාධ්‍ය ඒකකයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය.

ඒ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  පෙන්වා දුන්නේ මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නොවන ලෙස, ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සැලසුම් කර ඇති බවයි.

මේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති බැඳුම්කර හා ETF / EPF ඇතුළු අරමුදල් මිලදී ගෙන ඇති බැඳුම්කර ප්‍රතිව්‍යුහගකරණයට ලක් කරන බව, මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කෙළ් ය.

මේ යටතේ මෙතෙක් නිකුත් කර ඇති සියලුම බැඳුම්කර නව පොලී අනුපාතිකයන් යටතේ යළි නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

අලුතින් නිකුත් කෙරෙන බැඳුම්කරවලට 2025 දක්වා 12% ක පොලී අනුපාතිකයක් ගෙවන අතර, ඉන් පසුව 9% ක පොලි අනුපාතිකයක් ලබාදෙන බව ද, මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේ ය.

මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ තුළින් ETF / EPF අරමුදල්වල සාමාජිකයෙකුට මුදල් ලබාගැනීමට ගැටලුවක් ඇති නොවන බව ද, මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න