රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහායට නවසීලන්තය එක් වෙයි

රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහායට නවසීලන්තය එක් වෙයි

මෙරට නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන්  අද (28) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  හමුවිය. ‍

ශ්‍රී ලංකාව සමග කෙරෙන ද්විපාර්ශික ආර්ථික සහයෝගිතාව ඉහළ නංවන ලෙසත්, කොළඹ සැලැස්ම යටතේ ලබා දෙන සහය වැඩි කරන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මෙහිදී නවසීලන්තයෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

මහරගම ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය විද්‍යාලය නවසීලන්ත රජය ලබාදුන් ප්‍රදානයක් බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එම ආයතනයට ලබාදෙන පහසුකම් තවත් වැඩිකරන ලෙස ඉල්ලා සිටියේය.

එය පිළිගත් මහකොමසාරිස්වරයා එම දන්ත වෛද්‍ය විද්‍යාලය යළි නිරීක්ෂණය කොට ඊට සහය ලබාදෙන බවට එකඟ විය.

මෙරට රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා විශේෂඥ දැනුම ලබාදීමට ද නවසීලන්තය සූදානම් බව මහකොමසාරිස්වරයා සඳහන් කළේය. ඊට සහාය වීම සඳහා නවසිලන්තයේ හිටපු රාජ්‍ය සේවා කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ලඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. යල්පැනගිය ඉඩම් ආඥා පනත සංශෝධනය කිරීමටද ශ්‍රී ලංකාව සැලසුම් කර ඇත. එහිදී ආදිවාසීන්ගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටළු විසඳීම සඳහා නවසිලන්තයේ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය සහ යල් පැනගිය ඉඩම් ආඥාපනත සංශෝධනය කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව ගන්නා පියවර, ණය ප්‍රතිව්‍යුහගතකරණය, වෙළඳ හා ආයෝජන, මැතිවරණ ප්‍රතිසංස්කරණයට අදාළ කරුණු ද ඔවුහු සාකච්ඡා කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශක සුමුදු ජයසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න