දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය : පාර්ලිමේන්තුවත් කැඳවයි - ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්වත් කැඳවයි !

දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය : පාර්ලිමේන්තුවත් කැඳවයි - ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්වත් කැඳවයි !

දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් හෙට (27) පස්වරු 5ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබේ.

එම සාකච්ඡාවෙන් පසුව විශේෂ කැබිනට් හමුවක් ද පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා සති අන්තයේදී පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ජුලි 01 වන සෙනසුරාදා උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන  අද (27) පස්වරුවේ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා දේශපාලන සහ ජනතා සහය හිමිවිය යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

යෝජිත ණය ප්‍රතිව්‍යුහගතරණ සැලැස්ම අවසන් වශයෙන් සකස් වන තුරු වගකීමෙන් කටයුතු කරන ලෙසද වාණිජ මණ්ඩලය සියලුම දේශපාලන සහ සෙසු අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න