වීසා දඩය ඉහළට !

වීසා දඩය ඉහළට !

නියමිත වීසා කාලය ඉක්මවා ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩ මුදල් සංශෝධනය කරමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අදාළ දඩය දින 7 - 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වා ද දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ද ඉහළ දමා ඇත.

එසේම එම දඩ මුදලට අමතරව වීසා ගාස්තු ද ගෙවිය යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

සංක්‍රමණික හා විගමන පනතේ (351 පරිච්ඡේදය) 23 වැනි වගන්තිය යටතේ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර එය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇත.

මේ අතර මුල් වීසා බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ දින සිට ගණනය කර දින 07ක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අයෙකුට පිටවීමේ වරායේදී අදාළ වීසා ගාස්තුව ගෙවීමෙන් තොරව ශ්‍රී ලංකාවෙන් පිටවිය හැකි බවද එහි සඳහන් වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න