YOUTUBE බලා ගිනි අවි හැදූ දෙදෙනෙකු අත්අඩංගුවට !

YOUTUBE බලා ගිනි අවි හැදූ දෙදෙනෙකු අත්අඩංගුවට !

යූ ටියුබ් වීඩියෝ නරඹා ගිනිඅවි නිදපවූ පුද්ගලයින් දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීලදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුය.

සැකකරුවන් දෙදෙනාගේ ඥාතීත්වය මාමා සහ බෑනා ලෙස අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී T56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක්, අඩි 05ක් පමණ දිග ගිනි අවියක්, T56 ගිනි අවියට යොදන උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් ද සොයාගත් බව පොලීසිය කියයි.

ප්‍රධාන සැකකරු අරගල සමයේ බදුරලිය ප්‍රදේශයේ රුපියල් කෝටි 14ක පමණ වටිනාකමකින් යුත් වාහන සහ යතුරුපැදි වෙළෙඳසැලක් ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබ සිටින ප්‍රධාන සැකකරු බවද උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.

සැකකරුවන් මෙම ගිනිඅවි භාවිත කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය පවසයි.

සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න