පරිගණක අපරාධ ගැන පොලිස් නිවේදනයක් !

පරිගණක අපරාධ ගැන පොලිස් නිවේදනයක් !

පරිගණක අපරාධ සම්බන්ධයෙන් මේ වසරේ පුද්ගලයින් 75ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී. ජයනෙත්සිරි අද (16) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිදුවීම් 108ක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වන බවය.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වෙළෙඳ දැන්වීම්වලින් ජනතාව රවටා මූල්‍ය වංචා කිරීමේ සිද්ධි මේ වනවිට රට තුළ සුලභව අසන්නට ලැබේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට 2023 දී වාර්තා වී ඇති එවැනි සිදුවීම් සංඛ්‍යාව 108කි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළිකෙරුණි.

සයිබර් අපරාධ සම්බන්ධයෙන් ගතවු වසර දෙකහමාරක කාලය තුළ පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී පුෂ්පමාල් ජයනෙත්සිරි මහතා පැවසුවේ වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා දැමු සමයේ බවය.

ඒ අනුව 2021 වසරේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 4,688ක් ලැබී ඇති අතර 2022 වසරේ පැමිණිලි 3,168ක් ලැබී ඇති බව වාර්තා වෙයි.

සහකාර පොලිස් අධිකාරී ජයනෙත්සිරි පැවසුවේ මේ වසරේ ගතවු කාලසීමාව තුළ පැමිණිලි 1,187ක් ලැබී ඇති අතර ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න