මෙරට රියැදුරු බලපත්‍රය ඉතාලියටත් වලංගුයි

මෙරට රියැදුරු බලපත්‍රය ඉතාලියටත් වලංගුයි

ඉතාලියේ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීම සඳහා අවසර ලබා දීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත එකඟතාව පළ කර තිබේ.

ඉතාලියේ රැකියාවල නිරත ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් කලක් ගැටලුවක්ව පවතින අන්තර්ජාතික රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ දුෂ්කරතාව මගහැරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම එකඟතාව පළ කර ඇත.

එමෙන් ම, මෙරට සිටින ඉතාලි ජාතිකයන්ට එරට රියැදුරු බලපත්‍රය මෙරටදී භාවිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ද අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියට මෙහිදී දැනුම් දී තිබේ.

අමාත්‍යවරයා හා ඉතාලි තානාපතිනිය අතර අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවට ද අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියට දැනුම් දී ඇත.

විවිධ රැකියාවල නිරතව ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධන කටයුතු මෙන් ම, පොදු කටයුතුවලදී ඔවුන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙසට ද මෙහිදී අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියගෙන් ඉල්ලා ඇත.

බොහෝ කලෙක සිට දෙරට අතර පවත්නා මිත්‍රත්වය තවදුරට ත් වර්ධනය කර ගැනීමට ද දෙපාර්ශවය සිය කැමැත්ත පළ කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න