නතාෂාට පබ්ලිසිටි දුන්නට බෲනෝ අත්අඩංගුවට !

නතාෂාට පබ්ලිසිටි දුන්නට බෲනෝ අත්අඩංගුවට !

නතාෂා එදිරිසුරිය බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් කළ ප්‍රහසන වැඩසටහන යු ටියුබ් නාලිකාවට ඔස්සේ අන්තර් ජාලයට මුදා හරිමින් ඇයට ආධාර අනුබල ලබා දුන් බව කියන බෲනෝ දිවාකර අද (31) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාල පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාරය කරමින් එයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බෲනෝ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

එම විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා බෲනෝ දිවාකර අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබු අතර පැය 8 ක ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකරගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඔහු හෙට (1) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න