ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
එම විශේෂ ප්‍රකාශය හෙට (01) රාත්‍රී 8.00ට මෙරට ලියාපදිංචි සියලුම රූපවාහිනී, ගුවන්විදුලි සහ නව මාධ්‍ය අවකාශ ඔස්සේ සමස්ත මහජනතාවගේ දැනගැනීම සහ අවබෝධය උදෙසා විකාශය කිරීමට සැලසුම් කර තිබේ.
එමඟින් ශ්‍රී ලංකාවේ ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳ පැහැදිලි අවබෝධයක් මහජනතාවට ලබාගත හැකි අතර, එහිදී අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ඉදිරිපත් කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
