මිහින්තලේ පිං කැටවලට වැටුණු සල්ලි කෝ ?

මිහින්තලේ පිං කැටවලට වැටුණු සල්ලි කෝ ?

පසුගිය පොසොන් පොහොය සමයේ විසි ලක්ෂයකට අධික පිරිසක් මිහින්තලා පුදබිමට පැමිණි බව එහි විහාරාධිපති හිමියන්ම ප්‍රකාශ කර ඇති බවත් එම බැතිමතුන් පරිත්‍යාග කරන ලද මුදල් කළමනාකරණය කර ගැනීමට හිමියන්ට නොහැකි වූයේ මන්දැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කංචන විජේසේකර ප්‍රශ්න කරයි.

මෙවරත් එතරම්ම පිරිසක් මිහින්තලා පුදබිමට පැමිනේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවත් එම පිරිස හැකි පමණින් උන්වහන්සේට උදව් කරනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මිහින්තලා පුදබිමට ලැබෙන පඬුරු ආධාර කළමනාකරණය කර ගත්තානම් මෙවර පොසොන් උත්සව පැවැත්වීමට හැකියාව තිබූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර ලැබෙන මුදල් ආධාර කළමනාකරණය කරගත හොත් ඊළඟ පොසොන් උත්සවයද හොඳින් පැවැත්වීමට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටියි.

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ කිසිදු විහාරස්ථානයකට විදුලිය ලබා නොදෙන ලෙස මණ්ඩලයට උපදෙස් ලබා දී නැති බවද පැවසූ අමාත්‍යවරයා මණ්ඩලයේ ගාස්තු ගෙවූ පසු විදුලිය සපයන බවද කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න