පය තියන්න බැරි ස්පා ගැන ඇමති කියයි !

පය තියන්න බැරි ස්පා ගැන ඇමති කියයි !

රට පුරා පිහිටා ඇති සම්බාහන මධ්‍යස්ථාන බහුතරයක ඉතා අප්‍රසන්න සිදුවීම් සිදුවන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

මේවායේ තරුණ තරුණියන් පනස් දහසක් පමණ සේවය කරන බවත් එම මධ්‍යස්ථානවල කාන්තාවකට නොව පිරිමියෙකුටද යාමට සුදුසු ඒවා නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම තත්වය වෙනස් කිරීම සඳහා ආයුර්වේද සංස්ථාව එක්ව ජාතික සහ ජාත්‍යන්තරව සම්බාහන මධ්‍යස්ථාන ගොඩනැගීමේ වැඩසටහනකට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න