තොණ්ඩමන් ගුණ සමරන්න මුද්දරයක් !

තොණ්ඩමන් ගුණ සමරන්න මුද්දරයක් !

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ මහ ලේකම් ආරුමුගන් තොණ්ඩමන් ගේ ගුණ සැමරුමට සමගාමීව විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (29) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් එම සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක කරු ජයසූරිය, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරු වෙත සහ ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ බිරිඳ වන රාජලක්ෂ්මි තොණ්ඩමන් වෙතද සමරු මුද්දරය සහ මුල්දින කවරය පිළිගැන්වීම සිදු විය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් සහ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල, ඩග්ලස් දේවානන්දා, මහින්ද අමරවීර, නසීර් අහමඩ්, මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, සී.බී. රත්නායක යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පි. සත්කුමාර සහ තොණ්ඩමන් පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230529 WA0008

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න