රාජාංගනේ හිමි රිමාන්ඩ් !

රාජාංගනේ හිමි රිමාන්ඩ් !

අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

ඒ එම හිමියන් අද (29) කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජාංගනයේ සද්ධාරතන හිමි ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබු අතර ඒ ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මතය.

මේ අතර එම හිමිනම අධිකරණ පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඇත්ත කතා කර මැරෙන්න වුවත් සූදානම් බවත් මරණය ජීවිතයේ කවදා වුවත් සිදුවෙන්න නියමිත දෙයක් බවත් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න