ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව : අලුත්ම වාර්තාව මෙන්න !

ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව : අලුත්ම වාර්තාව මෙන්න !

2022 වර්ෂයට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් තවමත් පීඩා විඳිමින් සිටින බව වාර්තා වේ.

විශේෂයෙන් ම මෙය පවතින්නේ උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල ඒකාබද්ධව සිදුකරන ලද ආහාර භෝග සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවට අනුව මෙම කරුණු අනාවරණය වී තිබේ.

එම වාර්තාවට අනුව ජනගහණයෙන් 17%ක් එනම් පුරවැසියන් මිලියන 3.9ක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවට මුහුණපාන අතර එය පසුගිය වර්ෂයේ ජූනි/ජූලි සමඟ සැසඳීමේදී ආසන්න වශයෙන් 40%ක අඩුවීමකි.

පසුගිය වසරේ දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළුණු 66,000ක පුද්ගල සංඛ්‍යාව මේ වසර වන විට ආසන්න වශයෙන් 10,000ක් දක්වා අඩුවී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

ආහාර මිල යම්තාක් අඩුවීම සහ මෙම වාර්තාවට කරුණු අධ්‍යයනය කරන කාලය තුළදී අස්වනු නෙලීම හේතුවෙන් ආදායම් මට්ටම් වර්ධනයවීම තුලින් ආහාර පරිභෝජන රටාවල වෙනසක් සිදුවීම වැනි කරුණු ඊට බලපා ඇත.

කෙසේවෙතත් කිලිනොච්චිය, නුවරඑළිය, මන්නාරම, මඩකලපුව, වව්නියාව සහ යාපනය වැනි ඇතැම් දිස්ත්‍රික්කවල තවමත් ආහාර අනාරක්ෂිතතාව ඉහළ මට්ටමක පවතින බවද එම ආයතන පෙන්වා දී තිබේ.

ඒ අනුව උග්‍ර ආහාර අනාරක්ෂිතතාව වාර්තා වන්නේ, වතුකරයේ තේ වගාකරුවන්ගේ ප්‍රජාවන් අතරින්, සහ සිය ප්‍රධාන ආදායම් මාර්ගය වශයෙන් සමෘද්ධි වැනි සමාජ ආධාර වැඩසටහන් මත යැපෙන දෛනික වැටුප් ලබාගන්නා කම්කරුවන් සහ කුටුම්භ අතරින් බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න