ආගමික මතභේද ඇතිකිරීම ගැන ආණ්ඩුවෙන් තද ප්‍රකාශයක් !

ආගමික මතභේද ඇතිකිරීම ගැන ආණ්ඩුවෙන් තද ප්‍රකාශයක් !

ආගමික භේද ඇති කරමින් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන රජය දැඩිව මර්දනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

ජාතිවාදය ආගම්වාදය පැතිරවීමේ ක්‍රියා සක්‍රීය වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිසේත් ඉඩ නොදෙන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කළ අතර වැටුණු රට ගොඩනැගීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බාර ගැනීමේ මූලික අරමුණ බවත් සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම සියලුම දෙනා ජාතික එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම බව පැවසීය.

පසුගිය කාලයේ ඇතැම් පුද්ගලයන් පෞද්ගලික තීන්දු තීරණවලට මුල් තැන දෙමින් කටයුතු කිරීම නිසා ජපානයට ලංකාව සම්බන්ධයෙන් ඇති වී තිබුණු සැකය සහ අවිශ්වාසය දුරු කොට නැවත විශ්වාසය ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය ඉවහල් වූ බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

නිදහසින් පසුව වසර 75 ක් රටේ කිසිම නායකයකුට ජාතික වැඩසටහනක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න අවස්ථාව උදාවී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා එවන් සෑම අවස්ථාවකදීම කෙටි කලකදී ඒ නායකයා මරා දැමීම නායකයා අකාලයේ දේශපාලනයෙන් සමුගැනීම වැනි දේ නිසා ශ්‍රී ලංකාව අස්ථාවරභාවයකට පත්වී තිබෙන බවද සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න