ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අයවැය සහාය ලබා දීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අද (29) ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් අනුමත කර ඇත.

මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකමට සමගාමීව අනුමත කෙරුණු මූල්‍ය පහසුකමක් වේ.

මෙම මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මෙලෙස සිය අදහස් දැක්වීය.

"රටේ පවතින ගැඹුරු අර්බුදය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන්ම දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි අයට, විශේෂයෙන්ම කාන්තාවන්ට එහි බලපෑම ගැන ADB සැලකිලිමත් වෙනවා. ආර්ථික ස්ථායීකරණය, තිරසාර ප්‍රකෘතිමත් වීම සහ සියල්ලන් ඇතුළත් කර ගැනීම සඳහා වත්මන් අභියෝගවලට මුහුණ දෙන අතර ශ්‍රී ලංකාව සමඟ නැගී සිටීමට ADB කැපවී සිටිනවා."

රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිගු මාවතකට මුහුණ දී සිටින අතර, බදු ආදායම් එකතු කිරීම ඉහළ නැංවීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, රාජ්‍ය ව්‍යවසායවල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම, මහ බැංකුවේ ස්වාධිපත්‍යය සහ ස්වාධීනත්වය සහතික කිරීම, ආරක්ෂා කිරීම ඇතුළු අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ස්ථිරව සිටිය යුතු බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න