මැතිවරණයක් ඉල්ලා මාලිමාව සටනට !

මැතිවරණයක් ඉල්ලා මාලිමාව සටනට !

මැතිවරණයක් ලබා ගැනීම සඳහා ලබන මස 08 වනදා සිට යළි සටනට එක්වන බව ජාතික ජනබලවේගය පවසයි.

අහුංගල්ල වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති සියලු අපේක්ෂකයින් ජුනි මස 08 වන දින මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවය.

මීට පෙරද ජාතික ජනබලවේගය පක්ෂය පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණ කිහිපයක් සිදුකර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න