අත පාටියේ අර්බුදය එන්න එන්නම වැඩිවෙලාලු. කිහිපදෙනෙක් ඇරෙන්න බහුතරයක් පක්ෂයේ ලොකු තැනට කිව්වලු ලියන මහත්තයව පක්ෂයේ තනතුරුවලින් අයින් කරන්න කියලා. එහෙම නොකළොත් පක්ෂයේ පිරිසක් අස්වීම දීලා මැඩම් ගාවට යන්නලු ඉන්නෙ.
කොහොම වුණත් ඒ ලියන මහත්තයා විතරක් නෙමේලු, බුලත් කොළේ ලියන මහත්තයවත් අයින් කරන්න කියලලු කියන්නෙ. ඒකට හේතුව මේ දෙන්නා සංවිධායකයන් එක්ක ගනුදෙනු කරන්න දන්නේ නෑ කියලා. කොහොම වුණත් වැඩිම තර්ජනය තියෙන්නේ අත පාටියේ එක්කෙනාටලු. කොහොම හරි එයාලව අයින් නොකොළොත් පක්ෂයේ පාක්ෂිකයෝ ගෙන්නලා ඩාර්ලි පාරේ බිම වාඩිවෙන්නත් කට්ටියක් සූදානම් වෙනවා කියලයි ආරංචි. කොහොම වුණත් මේ වෙද්දී පක්ෂයේ ලොකු තැනගෙ ඔළුව ගිනි අරන්ලු මේ ප්‍රශ්න නිසා.
deshaya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
