කෝටි 27000ක බදු පොල්ලට ආර්ථික කමිටුව දෙහි කපයි !

කෝටි 27000ක බදු පොල්ලට ආර්ථික කමිටුව දෙහි  කපයි !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි 27,000ක බදු මුදලක් ( අභියාචනා සහ විරෝධතා නොමැති) අය කර ගැනීම පැහැරහැරීම සම්බන්ධයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළව ඇත.

මේ අතර බදු නොගෙවන විශාල වෙළෙඳ සමාගම් සහ ආනයන කරුවන් සියයකට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු කිසිවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව නොපවතින බවද එම කමිටුවේදී තොරතුරු අනාවරණය වී තිබේ.

රටේ සිදුවන දැවැන්ත ගනුදෙනුවලට අදාළ දත්ත ලබාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීම සම්බන්ධයෙන්ද කමිටුව මෙහිදී සාකච්ඡා කර ඇත.

එබැවින් මෙම මුදල් අය කර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් අලුත් නීති ඇති කිරීමට අවශ්‍ය සහයෝගය කමිටුව හරහා දෙන බවත් කමිටුවේ සභාපති මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

ලියාපදිංචි සමාගම්වලින් බදු අයකිරීම, නව බදු ලිපිගොනු ආරම්භ කිරීම, දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බදු නිලධාරීන් , දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රමිස් පද්ධතිය වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න