ආගම් රකින්න අලුත් පනතක් !

ආගම් රකින්න අලුත් පනතක් !

ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනතක් ගෙනඒමට ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

ආගම්වලට අපහස වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් පිළිබඳව පොලීසිය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මෙසේද පැවසීය.

"මේ සිදුවීගෙන යන ක්‍රියාවන් සම්බන්ධව, මේවා වැළැක්වීමට පොලීසිය හා සම්බන්ධව අපි වැඩපිළිවෙළක් යොදාගෙන තිබෙනවා. මම දැක්කා කොහෙදී හෝ කියලා තියෙනවා බුද්ධ ශාසන අමාත්‍යාංශය නිදාගෙන ඉන්නවා කියලා. නෑ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇහැරිලා පැය 24ම. ඒ නිසාම තමයි පැය ගණනක් ඇතුළත් මෙවැනි දේවල් අන්තර්ජාලයට මුදාහරින කොටම ඒ පිළිබඳව පියවර ගත්තේ. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව පනතක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න