ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) සහභාගී වී සිටින අතරතුර දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙයිමි සද්‍රා (Jaime Saavedra) මුණ ගැසුණේය.
එම හමුවේදී ගෝලීය වශයෙන් අනෙකුත් රටවල නව ආධ්‍යාපනික ප්‍රවේශයන් මෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වත් නුදුරු අනාගතය තුළ සපුරාගත යුතු ගෝලීය ආධ්‍යාපනික ඉලක්ක ජයගැනීම උදෙසා මෙරට අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම් හා සිදු විය යුතු සංකල්පීය වෙනස්කම් පිළිබඳ වත් කරුණු සාකච්ඡා වී ඇත.
මෙහි දී මෙරට අධ්‍යාපන ධාරිතාව පුළුල් කිරීම උදෙසා පවතින සීමාවන් හා අභියෝග පිළිබඳ ව සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් කරුණු දැක්වීය.
මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
