යූරියා අපෙතේ ගියාදැයි පරීක්ෂණයක් !

යූරියා අපෙතේ ගියාදැයි පරීක්ෂණයක් !

වී වගාව සඳහා යොදන යූරියා පොහොරවලින් සියයට 65ක් පමණ අපතේ යන බවට පළවන ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද(10) නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වන අතර ඒ ඒ කෘෂිකාර්මික බෝග ප්‍රවර්ධනය පිළිබඳව පැවති සාකච්ඡාවකදීය.

යුරෝපා සංගමයට අයත් රටවල් මෙන්ම චීනය, ඉන්දියාව වැනි රටවල වී වගාව සඳහා යූරියා පොහොර භාවිත කරන ආකාරය පිළිබඳව පදනම් කරගෙන සිය විමර්ශන සිදුකරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත.

දැනට රට තුළ යූරියා පොහොර ප්‍රමිතිය සළකා බැලීමේදී බයියුරේට් ප්‍රතිශතය සියයට 01 ට වඩා අඩු යූරියා පොහොර පමණක් වී වගාව සඳහා නිර්දේශ කෙරෙන අතර ඇමරිකාව, චීනය වැනි වෙනත් රටවල එම අගය සියයට 1 යි දශම 5 ට වැඩි අගයක් ගනී.

එම නිසා යූරියා පොහොරවලින් සියයට සියයක ඵලදායිතාවක් ලබාගත හැකි පරිදි නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න