ඩෙංගු උවදුරෙන් බේරෙමු : ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමු.....

ඩෙංගු උවදුරෙන් බේරෙමු : ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමු.....

'ඩෙංගු ත්‍රී' වෛරස් ප්‍රභේදයේ රෝගීන් වාර්තාවීමේ ශීඝ්‍ර වර්ධනයක් මේ වනවිට දක්නට ලැබෙන අතර ඩෙංගු වළක්වා ගැනීමේ පූර්ව ආරක්ෂණ පියවර වෙත යොමුවීම වැදගත් බව අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර  පවසයි.

මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කිරීම ඩෙංගු ආසාදනය වළක්වාගැනීම සඳහා ඉවහල් වන බවය.

ඩෙංගු වන්, ටූ, ත්‍රී සහ ෆෝ යන කාණ්ඩ හතරෙන් මේ වන විට වැඩි ව්‍යාප්තියට බලපා තිබෙන්නේ 'ඩෙංගු ත්‍රී' නම් වෛරස් කාණ්ඩයේය.

එහි ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ අද දිනය දක්වා වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් ගණන 30,772 කි.

පසුගිය වසරේ අප්‍රේල් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 4,019ක් වාර්තා වී තිබූ අතර මේ වසරේදී අප්‍රේල් මාසයේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,617කි.

එය පසුගිය වසරට සාපේක්ෂව 89% ක ඉහළයෑමකි.

සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 49කට අධික සංඛ්‍යාවක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි.

ඒ අනුව බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  උපදෙස් ලබාදී තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම දිස්ත්‍රික්කයේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලයක්ම ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බවය.

ඩෙංගු මදුරුවන් සාමාන්‍යෙයන් මිනිසුන්ගේ ලේ උරා බීම සිදුකරන්නේ උදෑසන සහ සවස් කාලයේය.

එබැවින් මදුරු දෂ්ටනයෙන් වැළැකීමට නම් මදුරු විකර්ෂක භාවිත කරන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න