ඩිලාන්ගේ කල් ඉකුත්වූ නුඩ්ල්ස් පැකට් කතාවට : චන්ද්‍රිකාගෙන් සැර උත්තරයක්

ඩිලාන්ගේ කල් ඉකුත්වූ නුඩ්ල්ස් පැකට් කතාවට : චන්ද්‍රිකාගෙන් සැර උත්තරයක්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරු දෙදෙනා එම ධූරවලින් ඉවත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සඳහන් කරයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරු දෙදෙනා එම ධූරවලින් ඉවත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සඳහන් කරයි. 

අත්තනගල්ලේ අද (21) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රීලනිපය කටයුතු නොකළහොත් 16 දෙනාට වැඩි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්‌ පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට සුදානමක් ඇති බවට ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධව එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිනියගේ අදහස් විමසනු ලැබීය.

ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනිය සඳහන් කර සිටියේ ඩිලාන් පෙරේරා කියන්නේ මහ මැතිවරණයට ඉදිරිපත්වී පරාජය පත්වීමට බයෙන්  පිංසෙන්ඩුවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයෙකු බවත් තමන් පක්ෂ නායකත්වයේ සිටියා නම් මෙලහකටත් ඩිලාන් පෙරේරා ගෙදර යවා ඇති බවත්ය.

එසේම තම පාලන සමයේ ඔහු තමන් ඉදිරියේද පිංසෙන්ඩු වෙමින් තනතුරු ලබාගත් බවත් එසේ තිබියදී අද තමන්ට කල් ඉකුත්වූ නුඩ්ල්ස් පැකට් එකක් කියා අවලාද නගමින් සිටින බවය. ඩිලාන්ගේ ප්‍රකාශ ගැන තැකීමක් නොකළයුතු බවද හිටපු ජනාධිපතිනිය සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න