යහපාලනයේ අලුත්ම එක : දෙවසරේ "අන්තර් පාලන රජය"

යහපාලනයේ අලුත්ම එක : දෙවසරේ "අන්තර් පාලන රජය"

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ ඉදිරියේදී කටයුතු කරන අන්දම සම්බන්ධව යෝජනා කිරීම සඳහා ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව අද (21) නිමකිරීමට නියමිත බව එම කමිටුවේ සභාපති අමාත්‍ය සරත් අමුණුගම සඳහන් කරයි.

කොළඹ අද පැවති උත්සවයකට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට අදාළ වැඩපිළිවෙල හරහා යෝජනා කර ඇත්තේ ශ්‍රීලනිපය ඉදිරියේදී ආණ්ඩුවේ කටයුතු කරන්නේ "අන්තර් පාලන දෙවසරක වැඩසටහනකට අනුව බවය.

එසේම එම පාලනය "අන්තර් පාලන රජය" ලෙස හැඳින්විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

අද සකස්කර නිමකරන වාර්තාව 23 වනදා ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමෙන් පසුව පිළිගන්වන බවත් ඊට අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කර එහිදී ඇති කරගන්නා එකඟතාව මත ආණ්ඩුවේ ඉදිරි දෙවසරක කාලය කටයුතු කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

පසුගිය 13 වනදා ජනාධිපතිවරයා අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍ය මහින්ද සමරසිංහ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න