මැයි 8 : රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජය කිරීමේ උත්සාහයක් !

මැයි 8 : රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජය කිරීමේ උත්සාහයක් !

එළඹෙන මැයි 8 වනදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජය කිරීම සඳහා වන උත්සාහයක් තිබෙන බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඒකාබද්ධ විපක්ෂය මේ සඳහා කටයුතු කරමින් සිටින අතර  ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරවා හැරීමට බලකිරීම මෙහි අපේක්ෂාව වී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 වැනි ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත පරාජය කළහොත්  අමාත්‍ය මණ්ඩලය විසිරෙන අතර 70 වැනි ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයාට එවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකරගත හැකි බවට ලැබී තිබෙන උපදෙස් මත මේ උත්සාහය දියත්ව ඇත.

මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ රනිල් විරෝධී කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙකු සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සාකච්ඡා කර ඇති බවද  වාර්තා වෙයි.

එසේම යම්කිසි ආකාරයකින් ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජය කරවුවහොත් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපතිවරයාව එකඟකර ගැනීමට සාකච්ඡා කරන ලෙස ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ ප්‍රබලයන් කිහිපදෙනෙකු දැනුවත් කර ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න