ඉන්දීය ගුවන් හමුදාපති ශ්‍රී ලංකා සංචාරයක

ඉන්දීය ගුවන් හමුදාපති ශ්‍රී ලංකා සංචාරයක

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් විවේක් රාම් චෞද්‍රි ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සදහා අද දින දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඉන්දීය ගුවන් හමුදාපතිවරයා සමග එරට ගුවන් හමුදාවේ තවත් උසස් නිලධාරීන් සිව් දෙනෙකු ද දූත පිරිස ලෙස සහභාගී වීම සදහා පැමිණ  ඇත.

මෙම පිරිස අද දින දහවල් 12.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 271 දරන ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ඇතුළු පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ  සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

කළාපීය ගුවන් හමුදා අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම, ඒකාබද්ධ පුහුණුවීම්, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ සමුද්‍රීය ආවේක්ෂණ මෙහෙයුම් පුළුල් කර ගැනීම මෙම ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීවරයාගේ සංචාරයේ අරමුණු බව සදහන්ය.

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ඇතුළු පිරිස ශ්‍රී ලංකා සංචාරය නිම කර මේ මස 06 වෙනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න