2022 රාජ්‍ය ආයතන පාඩුව : සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදමට සමානයි !

2022 රාජ්‍ය ආයතන පාඩුව : සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදමට සමානයි !

පාඩු ලබන රාජ්‍ය ආයතන පසුගිය වසරේදී ( 2022) ලැබූ මුළු පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ දෙදහස් නව සීයක්( බිලියන 1029) බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එම පාඩු ලැබූ මුදල රජය අධ්‍යාපනයට සහ සෞඛ්‍ය අංශයට වියදම් කරන මුදලට සමාන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් අවශ්‍ය දැයි මෙහිදී ප්‍රශ්න කළ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිව්‍යුහගතකරණයෙන් වාසි සැලසෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොව ශ්‍රී ලංකාවේ ජනතාවටම බවද ප්‍රකාශ කළේය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් නිර්ණායක පිළිගනු ලැබුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඒවා මෙම රටට ගැලපෙන පරිදි වෙනස් කිරීමෙන් අනතුරුව බවත් ඒ සඳහා දේශපාලන අධිකාරිය මෙන්ම මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ද සුවිශේෂ කැපකිරීමක් කළ බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම යල් පැනගිය අදහසක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න