Image

අධිකරණයට අපහාස කිරීම මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය දැඩිව හෙළා දකිමු - ෆ්‍රී ලෝයර්ස්

අධිකරණයට අපහාස කිරීම මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය දැඩිව හෙළා දකිමු - ෆ්‍රී ලෝයර්ස්

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්: විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කිරීම ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩිව හෙළාදකී. ඉතිහාසයේ පක්ෂ නායකයින් පස් දෙනෙකුට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එක ම නඩුවක දී මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමේ සිදුවීම් අති දුර්ලභ ය. එය පැහැදිලිවම මර්දන උත්සාහයකි.

2024 අංක 8 දරණ අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ පොලීසියට, ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැත. එසේ තිබිය දී, දේශපාලනඥයින් නිහඬ කිරීමට පොලිස් බලය යොදාගැනීම ශිෂ්ඨ සමාජය සිදු නොවිය යුතු තත්ත්වයකි.

පොලිස් රාජ්‍යයක පෙර මග සලකුණු

පාලක පක්ෂය බලයට පත් කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොණු කර ඇති දිවුරුම් පෙත්සමක් මගින් පිළිගෙන ඇති විශ්‍රාමික පොලිස් නිලධාරියකු කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගෙන, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇත. එපමණක් නොව අතීතයට බලපාන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කළේ ය. එවැනි දේශපාලනික සහ විශ්‍රාමික පොලිස් නිලධාරියකු විසින් රජය විවේචනය කරන සෑම තරාතිරමකම පුද්ගලයින් අපහසුතාවය පත් කර මෙල්ල කර ගැනීම සඳහා රජය විවිධ උපක්‍රමය යොදාගනිමින් ඇත.

අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (a) කොටස මඟින් සහතික කර ඇත්තකි. දේශපාලන පක්ෂ නායකයින් හා ක්‍රියාකාරීන් දේශපාලන අදහස් ප්‍රකාශ කිරිම වැළැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත. 10 වැනි ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති සිතීමේ, විමසීමේ සහ හෘද සාක්ෂියේ නිදහස දේශපාලනීකරණය වූ පොලිස් සේවයේ පක්ෂග්‍රාහී ක්‍රියාකාරකම් මගින් විනාශ කළ නොහැකි ය.

දේශපාලන පක්ෂ නායකයින්, ක්‍රියාකාරීන් ගේ නිදහස් අදහස් දැක්වීම් වැළැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව දරණ උත්සාහය පරාජය කළ යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩීව අවධාරණය කරයි.

නීතිඥ අතුල ද සිල්වා රජිත් කීර්ති තෙන්නකෝන්

සම කැඳවුම්කරු ප්‍රධාන විධායක නිලධාරි

ෆ්‍රී ලෝයර්ස් සංවිධානය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න