විමලේගේ පොත ප්‍රබන්ධයක් බව චන්ග් කියයි !

විමලේගේ පොත ප්‍රබන්ධයක් බව චන්ග් කියයි !

ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදුකර ඇති චෝදනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිවරිය මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිනිය පවසන්නේ "ප්‍රබන්ධ යැයි සැළකිය යුතු ග්‍රන්ථයක්" හරහා පදනම් විරහිත චෝදනා එල්ලකරමින් අසත්‍ය පතුරුවාහැරීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවය.

එසේම අමෙරිකාව වසර 75ක ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය වෙනුවෙන් කළ කැපකිරීම් මෙන්ම ඉදිරියටද පවතවාගෙන යන බව සිය ට්විටර් පණිවුඩයෙන් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” මැයෙන් රචිත් කෘතිය (25) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක් විණ. මෙරට ඇමරිකානු තානාපතිනිය සිය ට්වීටර් සටහන තබා ඇත්තේ එම කෘතිය හරහා එල්ලකළ චෝදනා සම්බන්ධවය. එසේම දේශපාලන විචාරකයන් පවසන්නේ විමල් පාර්ශ්වය චීන - රුසියා පාර්ශවයට දැඩි පක්ෂග්‍රාහී ප්‍රතිපත්තියක සිට මෙරට දේශපාලනය කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න