උපයන විට ගෙවන බද්දේ අතරමැද සංශෝධන නෑ !

උපයන විට ගෙවන බද්දේ අතරමැද සංශෝධන නෑ !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ලෝක සම්මත බැංකු මූලධර්ම අනුව ක්‍රියාත්මක වන ආයතනයක් හෙයින් එම ආයතනය සමඟ ගිවිසුම් ගතවීමේදී ක්‍රියාත්මක විය යුතු නියමිත පිළිවෙලක් ඇති බවත් මෙරට උපයන විට ගෙවිමේ බදු සම්බන්ධයෙන් කවර ඉල්ලීමක් කළද එවැනි ඉල්ලීම්වලට අවිධිමත් ලෙස අවසර දීමක් සිදු නොවන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ උපයන විට ගෙවිමේ බදු අඩු කරන්නැයි ඉල්ලමින් මේ වන විට විවිධ පර්ශව ආණ්ඩුවට කරන බලපෑම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්ය.

ජාත්‍යන්තරයට ගෙවිය යුතු ණය සහ පොලිය ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම මේ වන විට මෙරටට ඇති ප්‍රධාන ඉලක්කයක් බවත්, එය සකසාගෙන එතුළින් ඇතිවන ආර්ථික තිරසරබව සමඟ ඉදිරියේදී සහනයක් ලබාදිය හැකි නම් පළමු අවස්ථාවේදීම රාජ්‍ය සේවකයන්ගේ උපයන විට ගෙවීමේ බදු සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට සාකච්ඡා කරන බවත්, අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙම අසීරු අවස්ථාවේදී රට සම්පුර්ණයෙන් කඩාවැටීමෙන් මිදීම සඳහා වෙනත් විකල්පයක් නොමැති අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ක්‍රියා කළ බවත්, දීර්ඝ සාකච්ඡා වටයකින් අනතුරුව සහාය ලැබුණු එම ආයතනයේ පළමු කොන්දේසි තුළ කළයුතු තවත් බොහෝ දේ ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න