මානව හිමිකම් කොමිසමේ ඉල්ලීමට : ෆුටා හිස නැවේ !

මානව හිමිකම් කොමිසමේ ඉල්ලීමට : ෆුටා හිස නැවේ !

පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් මෙම අවස්ථාවේ ඉවත් නොවී ඉල්ලීම් දිනාගැනීමේ ක්‍රියාමාර්ගය එම කටයුතු අවසන් වනතෙක් කල්දමන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වෙතින් ඉල්ලා ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ඩී.එම්.එච්.එස්.කේ. බන්නැහැක සහ විභාග කොමිසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනී විනිසුරු රෝහිණී මාරසිංහ මෙම ඉල්ලීම සිදුකර තිබේ.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය පවසා ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ කමිටුවක් පත්කර සාකච්ඡා කළ යුතු බවය.

මේ අතර ශ්‍රී ලංකාවේ විභාගවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර පිළිගැනීමට හානියක් නොවන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවය මෙම විභාග කටයුතුවලට ලබාගැනීමට අදාළ පාර්ශවයන් කටයුතු කළයුතු බවත් සභාපතිනී විනිසුරු රෝහිණී මාරසිංහ වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වුවත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක පවසන්නේ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා දායකත්වය ලබාදීමට තීරණය කළ ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බවය.

අද පැවති සිය සංගමයේ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවත් ඔහු පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න