ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ලංකාව ගැළවෙයි !

ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ලංකාව ගැළවෙයි !

ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත.

වාර්තා වන ආකාරයට ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තාවට අනුව ආහාර උද්ධමනය වැඩිම රටවල් 10 ය ඇතුළත් ලැයිස්තුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.

උද්ධමනය ඉහළ ගිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 05 වන ස්ථානයේ පසුවු නමුත්
ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6%ක් ලෙස දැක්වෙයි.

ආහාර උද්ධමනය 261%ක් වන ලෙබනන් රාජ්‍යය ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර ප්‍රමුඛස්ථානයේ පසුවෙන අතර දෙවන ස්ථානයේ පසුවන සිම්බාබ්වේ රාජ්‍යයේ එම ප්‍රතිශතය 137%ක් ලෙස වාර්තා වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න