Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

අතරමැදි ‍ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කර ගන්නා ක්‍රමය.......

පාසල්වල 02 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛන අනුව පවතින පුරප්පාඩුවලට සිසුන් තෝරා ගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇත. එබැවින් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මින් ඉදිරියට ලිපි නිකුත් කරනු නොලැබේ.