පොහොට්ටුවට නව සභාපතිවරයෙක් : ජී.එල්. ඉවතට

පොහොට්ටුවට නව සභාපතිවරයෙක් : ජී.එල්. ඉවතට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කර තිබේ.

අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේදී උන්වහන්සේගේ පත්කිරීම ඒකමතිකව සිදුකළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම්  පවසයි.

අද දිනයේ පැවැත්වෙන මහ සභා රැස්වීමට එම පෙරමුණේ සභාපතිවරයා ලෙස සහභාගීවීමට පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් ට පක්ෂ ලේකම්වරයා විසින් ලිපියක් මඟින් දැනුම්දී තිබුණද ඔහු ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති මහ සභා රැස්වීම පක්ෂ සභාපතිවරයා නොමැතිව පවත්වා ඇත.

ඒ අනුව පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  තවදුරටත් කටයුතු කරන ලබන බවද සදහන් ‍ වේ.

නමුත් පක්ෂ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්.පීරිස් වෙනුවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් ඒකමතිකව පත්කර ගෙන ඇත.

පක්ෂයේ සෙසු තනතුරුවල වෙනසක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න