රාජිතට දෙනවා නම් රෝහිතටත් ඉල්ලයි !

රාජිතට දෙනවා නම් රෝහිතටත් ඉල්ලයි !

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්නට ඇමැති තනතුරක් දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනටද ඇමැති තනතුරක් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.

"රෝහිතට නොදී රාජිතට විතරක් ඇමැති තනතුරක් දෙන්න එපා" යැයි ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා ඇත.

රෝහිත අබේගුණවර්ධන  පක්ෂයේ දියුණුව වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයකු වන හෙයින් රාජිත සේනාරත්නට පමණක් ඇමැති තනතුරක් දුනහොත් එය රෝහිතට කරන බරපතළ අසාධාරණයක් බව පක්ෂය ජනාධිපතිවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇතැයිද ඔහු එහිදී සඳහන් කර තිබේ.

රාජිත සේනාරත්න  නව අමාත්‍ය ධුරයක් ළඟදීම බාරගැනීමට සූදානමින් සිටින බව පසුගිය සති කිහිපය පුරාම විවිධ මාධ්‍ය වාර්තා පළවිය. මේ අතර ඇමැති ධූර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නම් ලයිස්තුවක්ද කලකට පෙර ජනාධිපතිවරයාට බාරදී තිබුණේය. එම ලැයිස්තුවටද රෝහිත අබේගුණවර්ධන  ඇතුළත් ව සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න