රජයේ සියලුම පාසල් හෙට ඇරඹේ..

රජයේ සියලුම පාසල් හෙට ඇරඹේ..

රජයේ සියලුම පාසල් වාර සටහනට අනුව හෙට (17) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 05 වැනිදා සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබිය.

පාසල් වාර සටහනට අනුව එම නිවාඩුවෙන් පසු පාසල් යළිත් හෙට දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පාසල් සඳහා මැයි මස 13 වැනිදා සිට යළි නිවාඩු ලබාදීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීමට සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා සිට ජුනි මස 08 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම විභාගය හේතුවෙන් පාසල් සඳහා නිවාඩු ලබාදෙන ආකාරය පසුව දැනුම් දෙනු ඇත.

එමෙන්ම අප්‍රේල් මස 20 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේකය නිකුත් කරන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න