බත් - කොත්තු - ෆ්‍රයිඩ් රයිස් - ටී - ප්ලේන් ටී මිල පහළට : පාන් බනිස් ගැන තීන්දුවක් නෑ !

බත් - කොත්තු - ෆ්‍රයිඩ් රයිස් - ටී - ප්ලේන් ටී මිල පහළට : පාන් බනිස් ගැන තීන්දුවක් නෑ !

ගෑස් මිල අඩුකිරීමත් සමඟ බත් පාර්සලයක මෙන්ම කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩුකිරීමට තීරණය කර ඇත.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ, ජාතික සංවිධායක අසේල සම්පත් සඳහන් කරන්නේ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10.00 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව ප්ලේන් ටී එකක නව මිල රු 30.00 ක් වන අතර කිරි තේ එකක මිල රු 90.00 ක් ලෙසම පවතින බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වුවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මාධ්‍ය වෙත පවසා ඇත්තේ සමස්ත නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදුකරනු ලබන්නේ 25%ක් පමණ වන බවත් ගෑස් මිල අඩුකිරීමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න