ලංකාවේ ආර්ථිකය යථාතත්වයට පත්වෙමින් තිබෙනවා - ADB

ලංකාවේ ආර්ථිකය යථාතත්වයට පත්වෙමින් තිබෙනවා - ADB

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත.

නමුත් 2024 වසරේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී තිබේ.

2022 වසරේ දී මෙරට ආර්ථික 7.8%කින් හැකිළීමට ලක්වූ අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ හා ගෙවුම් ශේෂයේ දුෂ්කරතා හේතුවෙන් එය 2023 වසරේ දී ද සියයට 3%කින් තවදුරටත් හැකිළෙනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රකෘතිමත්වීම ආරම්භ කරනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ තක්සේරුව වී ඇත.

2019 වසරේ දී කප්පාදු කරන ලද බදු යළි ක්‍රියාත්මක කිරීම හා මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වීම යනාදී කරුණු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ උත්සහයන්ට සහය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වාදී තිබේ.

වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව එලෙස දැඩි ආර්ථික අර්බුදයකට ලක්වූ අතර ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ දී නිසි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් ආර්ථිකය යළි ප්‍රකෘත්මත්භාවයට පත්කිරීම දීර්ඝ කාලීන පියවරක් වනු ඇති අතර එම ක්‍රියාවලියේ දිළිඳු හා අවදානමට ලක්ව සිටින පිරිස් සුරක්ෂිත කිරීම ඉතා වැදගත් වන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න