ඊළඟ ජනාධිපති අපේක්ෂක බලාපොරොත්තුව රනිල් !

 ඊළඟ ජනාධිපති අපේක්ෂක බලාපොරොත්තුව රනිල් !

ජාතිය රට ගොඩගැනීමේ කාර්යය අවංකව, නිර්භීතව හා ශක්තිමත්ව කළ හැකි නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ රටේත්, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේත් ප්‍රසාදයක් දිනාගෙන ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ඔහු ගැන බලාපොරොත්තු තබාගැනීමේ වරදක් නැතැයි කැබිනට් ප්‍රකාශකය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

රට වැටී තිබූ තැනින් යම් ශුභදායී දිහානතියකට ගෙනඒමේ කටයුත්ත ජනාධිපතිවරයා අතින් සිදුවී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.

එහිදී මාධ්‍යවේදියකු විමසා සිටියේ ‘ඉදිරි ජනාධිපතිවරණයේ පොහොට්ටු අපේක්‍ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාද?’ යනුවෙන්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර නැති නමුත් මෙම අවස්ථාවේදී පක්‍ෂයේත්, රටට හිතවත් කාගේත් ප්‍රධානම අභියෝගාත්මක කාර්යය හා විය යුත්තේ රට ගොඩගැනීිම බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ගේ කාර්ය පටිපාටිය තුළ රනිල් වික්‍රමසිංහ  ප්‍රසාදයක් දිනාගෙන ඇති බවත්ය.

එබැවින් රටට හොඳක් වන දෙයක් ගැන හොඳ බලාපොරොත්තුවක් තබාගැනීමේ වරදක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න