ජනහමුවලට සෙනග අඩු ඇයි : අනුර හෙළිකරයි !

ජනහමුවලට සෙනග අඩු ඇයි : අනුර හෙළිකරයි !

පළාත් පාලන මැතිවරණය නොපතවන බවට සංඥාවක් ලැබුණු පසු ජනතාවගේ තිබුණු මැතිවරණ උද්යෝගය අඩු වී ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.

ජවිපෙ නායක මේ බව සඳහන් කර සිටියේ කොලොන්න ප්‍රදේශයේ ජනහමුවක් අමතමිනි.

මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වේයැයි වේගයෙන් මැතිවරණ ව්‍යාපාරයේ නියැලීමට තම පක්ෂය කටයුතු කළ බවද පැවසූ ඔහු අප්‍රේල් 25 වනදා මැතිවරණය පැවැත් වේ යැයි ජනතාව උණුසුමින් ආශ්වාදයෙන් දේශපාලන ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ බව ද හෙතෙම පැවසීය.

ඒ හේතුවෙන් මාලිමාවේ සංවිධාන යාන්ත‍්‍රණයට දරාගැනීමට නොහැකි ලෙස ජනතාවගෙන් ඉල්ලීම් පැමිණි බවද සඳහන් කල ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නමුත් මැතිවරණය නොපැවැත්වෙන බවට සංඥාවක් ලැබී ඇති නිසා දැන් ජනතාවගේ එම උද්යෝගය පහළ බැස ඇතැයි පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න