නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධ යෝජනාවක් ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
මෙවර ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස් කිරීමට යෝජනා කර ඇත්තේ මරණීය දණ්ඩය හිමි වූ වරදකරුවන්ට සමාව දීමේ ක්‍රමවේදයයි.
දැනට ක්‍රියාත්මක වන විධිවිධානය අනුව මරණීය දණ්ඩනයට නියම වූ තැනැත්තකුට සමාව දීම සඳහා ජනාධිපතිවරයා තීරණය කළහොත් ඊට අදාළව එම නඩුව විභාග කළ මහාධිකාරණ විනිසුරුවරයා, නීතිපතිවරයා හා අධිකරණ අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශ ලබාගෙන අදාළ නිදහස් කිරීම සිදු කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පවරා තිබේ.
එහෙත් යෝජිත නව සංශෝධනය අනුව මරණීය දණ්ඩනයට නියමවූවකුට සමාව ලබාදීමේදී එම නඩුව විභාග කළ විනිසුරුවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමේ විධිවිධානය ඉවත් කෙරෙනු ඇත. ඒ වෙනුවට නීතිපතිවරයාගේ සහ අධිකරණ ඇමැතිවරයාගේ නිර්දේශය මත පමණක් මරණ දඬුවම ලැබූවකුට සමාව දීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි. කල්ගත වීමෙන් පසුව මුලින් නඩුව විභාග කරන ලද විනිසුරුවරුන් සොයා වාර්තා ලබාගැනීමේ දුෂ්කරතාව නිසා නව සංශෝධනය ගෙන එන බව ඒ සම්බන්ධ යෝජනාව කැබිනට්ටුවට ඉදිරිපත් කරමින් අධිකරණ අමාත්‍යවරයා ලිඛිතව දැනුවත් කර ඇත.
deshaya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
