ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජනපති හමුවෙයි !

ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්  ජනපති හමුවෙයි !

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් ,ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ සමඟ ඊයේ (01) ජනපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා උපකාර කරන්නේ කෙසේද යන්න සහ ඵලදායී අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම භාරත් ලාල් ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී තිබේ.

මහජන සේවාවන් සැපයීම සඳහා තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමෙන් ඉන්දියාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර ඒ හරහා රුපියල් බිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිව තිබෙන බව ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී භාරත් ලාල් මහතාගෙන් ඉල්ලා සිටියේය.IMG 20230402 WA0005

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න