56 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

56 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

මහ කන්නයේ නැවුම් අස්වැන්නේ අග්‍රඵලය අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ට පූජා කිරීමේ 56 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අද (02) පෙරවරුවේ පැවැත්වුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අලුත් සහල් මංගල්‍යය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  ඇතුළු මැති ඇමතිවරුන් සහභාගීවී තිබුණි.

සියලුම පළාත් නියෝජනය කරමින් ගොවි නායකයින් සහ ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ද සිය අස්වැන්නේ අග්‍රඵලය ජය ශ්‍රී මහා බෝධිය අභියසදී පූජා කළේය.

අනතුරුව ජනාධිපතිවරයා ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.

මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  පැවසුවේ ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරියේදී QR කේතයක් හඳුන්වා දෙමින් සහන රැසක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර,

"අපි බලාපොරොත්තු වුණාට වැඩිය.. ඉලක්ක කරාට වැඩිය.. දෙගුණයක වගාවකට අපි ප්‍රවේශ වුණා. මාස් කන්නය වෙනකොට අපි යූරියා ටික ලබාදුන්නා. බණ්ඩි පොහොර ටික ලබාදුන්නා. ඒ වගේම අපිට චීන රජයෙන් ලැබුණු ඉන්ධන නොමිලේම ගොවිජනතාවට ලබාදෙන වැඩපිළිවෙල දියත් කළා. ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් ලැබුණු මඩපොහොර බෙදාහැරීම මේ වනවිට අවසන් අදිරයට පැමිණිලා තියෙනවා."

"මහ කන්නයේ වගා කළ සියලුමදෙනා වෙත එම පොහොර නොමිලේම ලබාදෙන්න කියන උපදෙස ජනාධිපතිවරයා ලබාදුන්නා. ඒ අනුව ඒ ලබාදීමේ කටයුත්ත සිද්ධ කරනවා."

"එළඹෙන යල කන්නයේ කිසිම අඩුපාඩුවක් නොවන විදිහට දැනටමත් අප සතුව යම් ප්‍රමණායක් තිබෙනවා. ඒ වගේම තව ඇනවුම් කරලා තිබෙනවා. අද ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීමේ වාසිය අනුව අපේ මේ සියලුම පොහොර වර්ග ඒ ගොවි ජනතාවට සාධාරණ මිලකට ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස් ජනාධිපතිවරයා ලබාදුන්නා. ඒවා මිලදී ගැනීම සඳහා කූපන් නිකුත් කරන්නත් අපිට උපදෙස් ලබාදීලා තිබෙනවා."

"මේ එන යල කන්නයෙන් පස්සේ මහ කන්නයේදී ගොවි ජනතාවට QR එක හඳුන්වලා දෙනවා. ඔවුන්ට ලැබෙන සහන ඒ හරහා ලබාදෙනවා. රජයේ අයතනයක වෙන්න පුළුවන් එසේත් නැතිනම් පුද්ගලික අංශයක වෙන්න පුළුවන්. ගොවීන්ට ගිහිල්ල ඒ QR එක පෙන්නලා ඒ සහනය ලබාගන්න අවස්ථාව උදාකරලා දෙනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න