සාලිය පීරිස් වෙනුවෙන් BASL නිවේදනයක් !

සාලිය පීරිස් වෙනුවෙන්  BASL නිවේදනයක් !

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති මෙන්ම ජනාධිපති නීතීඥවරයෙකුද වන සාලිය පීරිස් ගේ වෘත්තීය රාජකාරි සහ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතීඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලමින් නිවේදයක් නිකුත් කොට ඇත.

නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ කෞෂල්‍ය නවරත්න සහ එහි ලේකම් ඉසුරු බාලපටබැදි විසින් නිකුත්කර ඇති මෙම නිවේදනය සැළකෙන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව නිලධාරී මණ්ඩලයේ පළමු නිවේදනය වශයෙන් ය.

මෙහිදී නීතිඥ සංගමය පෙන්වාදී ඇත්තේ නීතිඥ සාලිය පීරිස් සම්බන්ධයෙන් කොළඹ පැවති විරෝධතා, සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට ඔහුට ඇති අයිතියට බරපතළ බාධාවක් පමණක් නොව, නීතියෙන් සුරක්ෂිත කර ඇති වෘත්තීය අයිතියටද විශාල ප්‍රහාරයක් බවය.

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සම්බන්ධයෙන් සාලිය පීරිස් සිය වෘත්තීය කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.

අධිකරණ පනතේ 41 වැනි වගන්තිය පැහැදිලිව සේවාදායකයකු නියෝජනය කිරීමේ අයිතිය දක්වා ඇති බවද නිවේදනයේ සඳහන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවේ නෛතික නියෝජනය සඳහා ඇති අයිතිය විශේෂයෙන් සහතික කරයි. සෑම පුද්ගලයෙකුටම සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතියක් ඇති බවත්, තමන් කැමති නීතිඥයෙකු විසින් නියෝජනය කිරීමට අයිතියක් ඇති බවත් එහි සඳහන් වෙයි.

මීට අමතරව, අපරාධ නඩු විධාන සංග්රහය අපරාධ නඩු වලදී නීතිමය නියෝජනය කිරීමේ අයිතිය ලබා දෙයි. නීති සංග්‍රහයේ 260 වගන්තියේ සඳහන් වන්නේ චූදිතයෙකුට නීතීඥවරයෙකු විසින් පෙනී සිටීමට අයිතියක් ඇති බවත්, අගතියට පත් සෑම පාර්ශ්වයකටම නීතිඥයෙකු විසින් අධිකරණයේ පෙනී සිටීමට අයිතියක් ඇති බවත් එහි සදහන්ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න