ලාංකිකයින් 57 ගේ ඉරණම දියාගෝ ගාෂියාවේ හිරවෙලා !

ලාංකිකයින් 57 ගේ ඉරණම දියාගෝ ගාෂියාවේ හිරවෙලා !

දියාගෝ ගාෂියානි දූපතේ කඳවුරක වසර එකහමාරක් තිස්සේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු තමන් මුදා හරින ලෙස ඉල්ලා ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් උද්ඝෝෂණයක නියැළී සිටින බව වාර්තා වෙයි .

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු ඒකාබද්ධ කඳවුරක ස්ථාපිත කූඩාරමක මෙම 57 දෙනා ම රඳවා සිටින අතර ඔවුන්ට කූඩාරමෙන් පිටතට නොයන ලෙස ද තර්ජනය කර ඇත.

ඒ හේතුවෙන් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සියදිවි හානි කර ගන්නට උත්සහ දරා ඇති අතර එලෙස උත්සහ කළ 5 දෙනෙකු රුවන්ඩාවට රැගෙන ගොස් ඇති බව ද සඳහන් ය.

උද්ඝෝෂණයේ නියැළෙන පිරිසගෙන් දස දෙනෙකු පමණක් ක්ලාන්ත තත්ත්වයකට පත්වූ බව ත් කඳවුරේ කිසිවෙකු ඒ ගැන සොයා නොබලන බවත් කඳවුරේ රැඳවූවන් විදෙස් මාධ්‍යයකට පවසා තිබේ.

මොවුන් මෙසේ දූපතේ හිර වී ඇත්තේ, මන්නාරම පේසාලේ සිට හොර රහසේ යාත්‍රාවකින් කැනඩාව බලා ගමන් කරද්දී ය. දින දහයකට පසු අතරමගදී යාත්‍රාව අනතුරකට පත්ව ඇති අතර පසුව ඊට ආසන්නව ඇති දියාගෝ ගාෂියානි දූපතට මොවුන් සේන්දු වී තිබේ.

පසුව එහි ස්ථාපිත බ්‍රිතාන්‍ය- අමෙරිකා කඳවුරේ නිලධාරීන් යාත්‍රාව අලුත්වැඩියා කිරීමෙන් පසු මොවුන් මුදා හරින ලෙස දැනුම් දී තිබුණ ද දැනට මාස 8ක කාලයක් තිස්සේ මෙම ශ්‍රී ලාංකිකයන් කූඩාරමේ රඳවා සිටින බව කියයි.

කෙසේ වෙතත් වරින් වර සිය ඥාතීන් දුරකතන මාර්ග ඔස්සේ ඇමතීමට මොවුන්ට ඉඩකඩ ලබා දී තිබූ අතර තමන් මෙම කඳවුරේ රඳවා සිටින බවට ඔවුන් විදෙස් මාධ්‍ය වෙත පවසා ද එම අවස්ථාවකදී බවත් සඳහන් ය.

කෙසේ වෙතත් පසුගිය 19 වන දා සිට කූඩාරම තුළ උද්ඝෝෂණ පවත්වමින් ආහාර ප්‍රතික්ෂේප කරමින් කාලය ගත කරන මොවුහු තමන් මුදා හරින ලෙස හෝ සාමාන්‍ය ජනතාව සිටින ප්‍රදේශයකට යවන ලෙස ඉල්ලා ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවට කිලෝමීටර 2,500ක් පමණ දකුණෙන් මෙම කඳවුර පිහිටා තිබේ. මොවුන් මුදා ගැනීමට බ්‍රිතාන්‍ය රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අතර, අදාළ පිරිස මුදා ගැනීමට අවශ්‍ය මූල්‍ය හා නෛතික ආධාර සපයා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් ද වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න