දුම්රිය වැසිකිළියේ බිළිදා දමාගිය යුවළ රිමාන්ඩ් !

දුම්රිය වැසිකිළියේ බිළිදා දමාගිය යුවළ රිමාන්ඩ් !

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මීනගයා දුම්රියේ මැදිරියක වැසිකිළියක් තුල බිළිදෙකු දමා පලාගොස් සිටියදි බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බිළිදා ගේ මවිපිය යුවළ අද (12) බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනට් සිල්වා සැකකාර තරුණ මව්පිය යුවල මේ මස 15 වනදිනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කර ඇත .

එදිනට සැකකාර යුවල කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූයේ කොස්ලන්ද මීරියබැද්ද සහ බණ්ඩාරවෙල නායබැද්ද වත්තේ පදිංචි යුවළකි.

මොවුන් දෙදෙනා කොළඹ දි දැන හදුනාගෙන ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් , පසුව පසුගිය මස 25 වන දින මැය බිළිදා බිහිකර ඇති බවත් පොලිසිය කීය .

අනතුරුව පසුගිය 10 වන දින රාත්‍රි මෙම යුවල බිළිදා රැගෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානය ට පැමිණ එහි වේදීකාවේ නවතා තිබූ කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රිය ට ගොඩවී එහි තෙවන පන්තියෙ මැදිරියක වැසිකිළි යක් තුල ප්ලාස්ටික් කූඩයක දමා බිළිදා තබා මෙම යුවල කොළඹ සිට බණ්ඩාරවෙල සහ කොස්ලන්ද නිවෙස්වලට පැමිණ තිබේ.

ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල පොලිසිය මගින් සැකකාර තරුණිය ත්, කොස්ලන්ද පොලිසිය මගින් සැකකාර තරුණයත් අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න